ඇල්ල පස්සර මාර්ගයේ කනවරැල්ල පාලම නවීකරණය කර ඊයේ (14) පස්වරුවේ වාහන යා හැකි වන පරිදි සකස් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉකුත් වැසි සමයේ මෙම පාලම සම්පූර්ණයෙන් ගැලවී ගසාගෙන ගොස් විනාශයට පත් වී තිබූ අතර නව පාලමක් කඩිනමින් ඉදි කිරීමට පියවර ගෙන තිබුණා.

තවමත් අවහිර වී ඇති පස්සර නමුණුකුල මාර්ගය විවෘත කිරීම තව දිනක් පමණ ප්‍රමාද විය හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක කාර්යාලය වැඩි දුරටත් පවසා සිටියා.