කන්ටේනර් පිට කල බවට චොදනාවට ලක්වුන නිලදාරියාට ඉහල තනතුරක් දී ඇති බව සමගිජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මාහතා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ සමගිජන බලවෙිගයේ මාධ්‍ය හමුවකදියි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්

"සමාජමාධ්‍ය තුල ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කියපු හඩ පටයක් මෙි දින වල යනව.ඒ කතාව බහාලුම් තොගයක් කිසිම පරික්ෂාවක් නැතුව පිටත් කිරීම.

මෙි බහාලුම් ස්කෑන් පරික්ෂාවෙන් තොරවද යවල තියෙන්නේ ජනාදිපතිතුමා කිවුව මෙි වාර්තාව අපරාදපරික්ෂන දෙපාර්තුමේන්තුවටත් යවල කිවුව.

මෙි බහාලුම් ගැන අපරාද පරික්ෂණ දෙපාර්තුමේන්තුව පරික්ෂණ කරනව කිවුවට පේනනැ ඒ ගැන පරික්ෂණයවක් වෙනව කියල.චොදනාවට ලක්වුන නිලදාරියා තමයි මෙිකේ සබාපති විදිහට පත් කරගත්තේ.

ආණ්ඩුව හිතාමතාම මෙි බහලුම් එලියට දැමීම හිතා මමතාම යට ගහමින් ඉන්නව.මෙිකේ ගනන් බැලුවනම් මහ බැංකුවෙි වුන වංචාවටත් වැඩිය වැඩි වෙනව."