Published
පාදයකට වෙඩි වැදී මාස හතරකට අධික කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියා ඊයේ සිය අවසන් සුසුම් පොද වාතලයට එක් කළේ එම සත්ත්වයාට ආදරය කළ බොහෝ දෙනාගේ නෙතට කඳුළක් එක් කරමින්. මේ දැවැන්තයාට කණ්ඩලම ප්‍රදේශයේ ජනතාව එක්ව සිය අවසන් ගෞරව දැක්වීමට මෙන්ම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ 15 නමක් කැඳවා පාංසකූලය ලබාදීමටද අද පෙරවරුවේ කටයුතු කළා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාසගෙන්.









