Published
පසුගිය 03 වනදා කඳාන, පොදු වෙළෙඳසැල අසල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත කඳාන රූපමුල්ල හංදිය සහ කඳාන නගරයේ සිදු කළ වැටලීමකදීයි.
පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට හා තවත් පුද්ගලයෙකුට තුවාල කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් 25 සහ 26 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.