වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. මේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.

රටේ ආර්ථිකය ගොඩනැගීම මෙන්ම පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කළේ මෙවන් අදහසක්. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ කාල්ටන් නිවසට යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා අද අදහස් පළ කළා. කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි.