Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
දිවා ආහාරය සඳහා තරගය නතර කර විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 465ක් රැස් කරගෙන සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා පිටුපසින් සිටින්නේ ලකුණු 30ක් පමණයි.
දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 19කට දැවී ගියා.
කුසල් මෙන්ඩිස්ට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 05ක් පමණයි.
07 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක සබඳතාවක් ගොඩ නැගීමට කමිඳු මෙන්ඩිස් සහ මිලාන් රත්නායක සමත් වුණා.
කමිඳු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 83ක්.
මිලාන් රත්නායක නොදැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටිනවා.