Published
කයිට්ස්, පුන්කුඩිතිව් ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකු විසින් එම නිවසට ඇතුළු වී නිවැසියන් සිව් දෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී බරපතල තත්ත්වයේ පසුවූ වයස අවුරුදු 46ක් වූ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. පැරණි ආරවුලක් මත එම ඝාතනය සිදුව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.