Published
කරන්දෙණිය, කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ඔහු එලෙස අත්අඩංගුවට ගත් බවයි කරන්දෙණිය පොලීසිය පැවසුවේ. සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක්ද සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි කොටවිල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.