කරන්දෙණිය පොලිස් වසමේ 03 කණුව ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.

එම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 39 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.