ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය කල්දැමීමට සිදුව ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. එම සංවත්සරය කල් යාම විපක්ෂයේ එකමුතු වීමට වාසිදායක කරුණක් විය හැකි බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.