කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම ගැටුමේදී තුවාල ලැබූ අදාල පුද්ගලයා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අතර එම ආරවුල ඇති වී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

සිදධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.