කල්පිටිය මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී බෝට්ටුවක් තුළ තිබි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදා නිලධාරින් කණ්ඩායමක් විසින්.
ඒ අනුව එම බෝට්ටුව තුළ උර තුනක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63 යි ග්‍රෑම් 718 ක් හා හොරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව එම මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනිම සදහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කසල අංගනය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තව සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එම ත්‍රීරෝද රථයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බොරැල්ල, දුම්රිය ක්‍රීඩාංගණය අසල සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 226 යි මිලි ග්‍රෑම් 860ක් හා කොකේන් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 930 ක් එලෙස සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.



