පිලිපීනයට බලපෑ කල්මේගී සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 114 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ ඇති වූ එම සුළි කුණාටුව මෙම වසරේ එරටට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
පුද්ගලයන් 560,000 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. තවත් 450,000 කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පිලිපීනයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන් මාර්කෝස් ජූනියර් පියවර ගෙන ඇත්තේ.