කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගණනාවක් සැරිසරමින් සිටි බරණ නමින් ප්‍රචලිත දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට මෙම අපරාධයේ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යවන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. ඒ, මෙම සිද්ධියට අදාල නඩුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුfවි යළි කැදවූ අවස්ථාවේදීයි. මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට අධිකරණ නියෝග මත ඇප මත මුදාහැර සිටින ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන්ගේ දුරකතන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පෞද්ගලික දුරකථන සාමාගම් සියල්ලෙහි කළමනාකාරිත්වයට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. විදුලිය සැර වද්දවා බරණ ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන විදුලි රැහැන් ලංකා විදුලිය බල මන්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන් මගින් පරික්ෂා කර ඊට අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි වනජීවි නිලධාරීන්ට නියෝග කර ඇත්තේ.