Published
යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා ( Air Astana ) පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද(25) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කේ.සී.- 167 දරන එයාර් අස්තානා ගුවන් යානය අද(25) සවස 04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියා.
මෙම ගුවන් යානා සදුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02ක්, එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.





