බලපත්‍රයක් නොමැතිව ගම්පොළ සිට පූඩළුඔය දක්වා ලොරි රථයකින් කසල තේ ප්‍රවාහනය කල එම ලොරි රථයේ රියදුරා අද (14) පස්වරුවේ තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පුඩළුඔය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරු ගම්පොළ සිට කසල තේ කොළ කිලෝ 5379ක් රැගෙන නායයෑමෙන් ආපදාවට ලක් වු මාර්ග ඔස්සේ පූඩළුඔය දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ කොත්මලේ පාළුවත්ත ප්‍රදේශයේදි සැක සහිත ලොරි රථය නතර කර පරික්ෂා කිරිමෙදි ලොරි රථයේ තිබි එම කසල තොගය සොයා ගත් බවයි තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ අණ දෙන නිළධාරි පොලිස් පරික්ෂක එම්.වී.පී ජීවන්ත මහතා පැවසුවේ.

තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ අණ දෙන නිළධාරි පොලිස් පරික්ෂක එම්.වී.පී ජීවන්ත මහතාගේ අධික්ෂනය යටතේ තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ කදවුරේ උ.පො.ප. ගුණරත්න, පො.සැ. ජයසිංහ(8035), පො.කො. ගමගේ(82809), පො.කො ලක්මාල්(90671), පො.කො. රාජපක්ෂ(105156), පො.කො.රි. සුරංග(7609) යන නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.