Published
කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊට අදාළව සිදු කෙරෙන විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව්දෙනෙක්.
තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ මෙම සිද්ධිය වාර්තා වුයේ ඉකුත් 30 වනදා රාත්‍රියේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු සවස 06.30 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.