Published
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරි පැය 48දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මධුරාවල හා පාලින්දිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එබැවින් කළු ගඟ සහ මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් පවතිනවා.
මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් හා ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.



