Published
ආපදා හේතුවෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශවල පාසල් යළි ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පවතින තත්ත්වය සලකා දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ වශයෙන් වෙන් වෙන්ව පාසල් ආරම්භ කිරීමට සිදුව ඇති බවයි.
උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි දක්වා කල් තැබීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද ලේකම්වරයා අදහස් පළ කළා.
ජාතික ගුරු අභ්‍යාස විද්‍යාලවල දැනටත් රැඳී සිටින අභ්‍යාස ලාභීන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 08 වනදායින් පසුව තීරණය කරන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේ.
ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල පාසල් දෙසැම්බර් 16 වනදා ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.



