Published
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාකර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ගුවන් සේවිකාවක බව කියන සෙව්වන්දි සේනාරත්න විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කළා.
පැමිලිකාරිය චෝදනා කරන්නේ වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවයි.
එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා.
ඒ අනුව දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත් ඒ බව තහවුල් කිරීමට අවශ්‍ය ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම පුද්ගලික පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥූ ජෙරුෂා තම්බයියා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් භගව උත්තරකරු තම සේවා දායිකාව සමඟ පැවැත්වූ ලිංගික සම්බන්ධතාවයකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා.
එම දරුවාගේ පීතෘභාවය භාරගැනීම වග උත්තරකරු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත් වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අභියාචනාධිකරණය විසින් මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි ඩීඑන්ඒ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා.
එම ඉල්ලීමට වගඋත්තර කාර්ය චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා තරයේ විරෝධය පළ කළා.
නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා අදාල දරුවාගේ පීතෘ භාවය ප්‍රතික්ෂේප කරන බවයි.
අදාල දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඒ බව තහවුරු කෙරන ඡායාරූපයක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර ඩී.එන්.ඒ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
පැමිණිලිකාරිය විසින් සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කළ යුත්තේ ඇය විසින්ම බවත් නීතිඥ අසේල රැකව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකාර චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කළා.
ඉන් අනතුරුව නඩුව විමසීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.




