ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 06 වන තරඟාවලිය අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි. ඒ, ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතරයි. තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින එම කණ්ඩායම් දෙකම මේ වන විට තමන් සහභාගී වූ තරඟ ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර පකිස්ථාන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේයි. අද තරඟය දෙපිළටම තීරණාත්මක තරඟයක් බවයි ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.