අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකර ඇති ප්‍රකාශයකට අදාලව ඔහුට එන්තර වාසියක් යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී පාස්කු ප්‍රහාරයට අදාලව මන්ත්‍රීවරයා විසින් එම ප්‍රකාශය සිදුකර ඇති බවයි අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සිරිල් ගාමිණී පියතුමන්. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන්ද මාධ්‍යවේදීන් කරුණු විමසීමක් කළා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.