කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා ඊයේ පස්වරුවේ පැවති මෙම රැස්වීමේදී වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා. එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වුන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්ව සිටියා .