පළමුව යතුරු පැදියක් සොරකම් කර ගවුම් ඇඳගෙන එම යතුරු පැදියෙන් ගොස් අනුරාධපුර නගරයේ ඉන්දන පිරවුම් හල් දෙකක් එකම රැයකදී බිඳ එම ඉන්දන පිරවුම් හල් වල තිබූ මුදල් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල සැකකරුවන් දෙනෛකු මේ මස 12 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා. මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ අනුරාධපුර නීරාවිය පදිංචි ඒ එස් රංග කුමාර හේවාවසම් සහ ගනිත් සම්පත් යන සැකකරුවන්ය. මෙම සැකකරුවන් පළමුව වෙනත් පුද්ගලයෙකුගේ යතුරු පැදියක් සොරකම් කර කාන්තාවන්ගේ ගවුම් ඇඳගෙන කාන්තාවන් ලෙස එම යතුරු පැදියෙන් ගොස් ඉන්දන පිරවුම් හල් දෙක බිඳ ඒවායෙහි තිබූ මුදල් කොල්ල කා ඇති බව අධිකරණ නඩු විභාගයේද අනාවරණ වි ඇති අතර සැකකරුවන් දෙනෙනා අධික ලෙස විෂ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයෙුම් අංශයේ සැරයන් (47818) ඉලංගසිංහ මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබෙනවා.
Published