මෙම වසරේ පැවැත්වෙන ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලයේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.
මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්.
ඒ, සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 02 දක්වායි.
තරගාවලිය සඳහා ක්‍රීඩාංගන 06ක් නම් කර ඇති නමුත් ශ්‍රී ලංකාවේදී තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පමණයි.
ඉන්දියාවේ බැංග්ලෝර්, ගුවහටි, විශාකා පට්නම් යන නගරවලදී සෙසු තරග පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්තානය එම රටවල් අටයි.
පාකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කරන සියලුම තරග ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පළමු අවසන් පූර්ව තරගය ගුහහටි හෝ කොළඹදී පැවැත් වීමටයි නියමිතව ඇත්තේ.
අවසන් මහා තරගය ද බැංග්ලෝර් හෝ කොළඹදී පැවැත්වෙනු ඇති.
එම තරග සඳහා පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීම මත ක්‍රීඩාංගණ තීරණය වනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.