ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඉන්දු - පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් පාකිස්තානය ක්‍රීඩාකරන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 හා 30 දිනවලදී ද, අවසන් මහා තරගය නොවැම්බර් 02 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම කුමන හෝ තරඟ අදියරට පාකිස්තානය සුදුසුකම් ලබා ගතහොත් එම සියලුම තරග කොළඹදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබෙනවා. ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබූ ඉන්දියාවේ බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණය තරඟාවලියෙන් ඉවත්කර මුම්බායිහි පටිල් ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වීමට තීරණය කිරීම තරග කාලසටහන සංශෝධනය කිරීමට හේතුවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියට එක්වනවා. මූලික වටයේදී සෑම රටක්ම සෙසු රටවල් සමගින් තරඟ වැදීමට නියමිතයි. තරගාවලිය සැප්තැම්බර් 30 වනදා ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟයෙන්.
Published