කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. සවස 03.00ට තරඟය ආරම්භ වන්නේ ඉන්දියාවේ ගුවාටි ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලියේ මූලික වටයේදී එංගලන්තය තරඟ පහක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණේ ලකුණු 11ක් ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පසු වුණේ තුන්වන ස්ථානයේයි. ඒ, තරඟ පහක් ජය ගනිමින්.

දෙවන තරඟය හෙට පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතරයි.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ සියලු තරඟ ජය ගනිමින්. ඉන්දියාවට තමන් සහභාගී වූ තරඟ 07න් ජයගත හැකි වුණේ තරඟ තුනක් පමණයි.

ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසුනේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැන්නා වෙමින්.