2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, ඉන්දියාවේදීයි.

මෙවර එම තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්.

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ 07න් තරඟ 05ක්ම ජය ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

එහෙත් ඉන්දියාවට එම තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ තරඟ 07න් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරඟ 03ක් පමණයි.