ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පළාත් පහක් සඳහායි.

උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදියි.

මීට අමතරව උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.