ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර් ප්‍රාන්තයේ තවත් නායයෑමක් සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. නායයෑමෙන් එරට ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකටද හානි සිදුව තිබෙනවා. අවතැන් වූ පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කාශ්මීර ප්‍රාන්තයේ පසුගිය සති කිහිපය තුළ ඇදහැළුනු අධික මහ වැසි හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.