Published
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් අතර යම් තරඟයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා පවසනවා. ඔහු පැවසුවේ ක්‍රීඩකයන් අතර මෙවැනි තරඟකාරී තත්ත්වයක් යහපත් බවයි.
මේ අතර පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ ලබා ගත් සුපිරි උඩ පන්දුව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පුහුණුකරු උපුල් චන්දනගෙන් ප්‍රශ්න කළා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්තා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.
තවත් සුළු මොහොතකින් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.