Published
ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ තාවකාලික අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, යුද හමුදා භට පිරිස්වල මැදිහත්වීමෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවුසවේ ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බවයි.
පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයට මෙන්ම මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.




