කැනඩාවට යාමට විදේශ රැකියා ආයතනයකට රුපියල්ලක්ෂ 80 ක් ලබා දුන් යාපනයේ පුද්ගලයෙකුට එම මුදලඅහිමි වීමෙන් පසුව ඔහු කනේරු ඇට කා සියදිවි හානි කරගෙන තිබෙනවා.
මීට වසර දෙකකට ඉහතදී යාපනයේ පුංගුඩුතීව් හතර වන පටුමගේ පදිංචි 34 හැවිරිදි සෙල්වරාසා බාස්කරන් නැමති අය යාපනයේ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකුට රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබා දී ඇත්තේ ණයට පොලියට හා වෙනත් ක්‍රම වලින් එකතු කර ගන්නා ලද මුදලකින් බව වාර්තා වනවා.
වසර දෙකක් ගත වූ නමුත් ඔහුට කැනඩාවේ රැකියාවක් නොලැබුණු නිසා ඔහු අදාල ඒජන්සිකරු හමු වී තමන් ලබා දුන් මුදල ඉල්ලා තිබෙනවා.
මුලින් එම මුදල ලබා දීමට කැමැත්ත පල කොට ඇතත් පසුව ඔහු ප්‍රකාශ කොට ඇත්තේ එම මුදල අන්තර් ජාලයේ පිරිසක් විසින් සොරා ගෙන ඇති බවයි.
මින් දැඩි කම්පනයකට පත්ව නිවසට පැමිණි මුදල් අහිමි වූ පුද්ගලයා බිරිදට සියලු විස්තර පවසා රාත්‍රී නින්දට ගොස් තිබෙනවා.
බිරිද නිදාගත් පසුව අවදි වූ ඔහු කනේරු ඇට කුඩු කොට හකුරු සමග කා නින්දට ගොස් ඇති අතර ඔහු වමනය කළ අවස්ථාවේදී බිරිද නැගිට ඔහුව යාපනයේ පුංගුඩුතීව් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි සදහාන් වන්නේ.
රෝගියාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බැවින් ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇතත් ඔහු මියගොස් ඇති අතර මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.