Published
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවය ද ලබා ඇති ශ්‍රී ලාංකික පුද්ගලයෙක්.
සැකකරු විසින් එම තත්ත්වය උපයෝගි කර ගනිමින් පුද්ගලයින් රැසකගෙන් මුදල් අයකර ඇති අතර ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් ද පැනවීමට පියවර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.