හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියාසිටියා.

ආපදා හේතුවෙන් රටේ ආර්ථිකයටද හානි කර ඇති පසුබිමක් තුළ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් හැකි උපරිම සහන සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදි කියාසිටියේ.

ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට ලබාදිය හැකි සහන තවත් වැඩිකළ හැකිද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.