බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින මොන්තා සුළි කුණාටුව අද දිනයේදී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් අද රාත්‍රියේ ඉන්දියාවේ ආන්ද්‍රා වෙරළ ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

මේ හේතුවෙන් එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට ඇති වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

ධීවර හා නාවික ප්‍රජාව වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් වලංගු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.