ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් උත්සවයක් සංවිධානය කර තිබුණා.

නියෝජ්‍ය විහාරාධිපති පුජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමි ඇතුළු සංඝයා වහන්සේලාගේ අවවාද හා අනුශාසනාවෙන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය ජුනි 15වන ඉරිදා දවස පුරාම සාර්ථකව සිදු කළ බවයි ලන්ඩනයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

එදින උදැසන ශිල -භාවනා වැඩ සටහනකින් ආරම්භ වූ මෙම පිංකම පුජ්‍ය හාදුපැල්පොල මහින්ද හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි

මෙම පිංකම් වලට අමතරව දන්සල් මෙන්ම භක්ති ගීත ප්‍රසංගයක් ද පැවැත්වූ බවයි ලන්ඩනයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.