කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329 ක් සමග අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ, පොලීසිය විසින් එම සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත කිරින්ද ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක තොගයක් සමග එම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේදීයි.

අදාළ මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි‘ නැමැත්තාට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ