කිලිනොච්චිය, චුණ්ඩිකුලම වෙරළ ආසන්න සීමාවක කැළෑවක සඟවා තිබු කේරළ ගංජා තොගයක් ධර්මපුරම් පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ යුධ හමුදා බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.

ඒ අනුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 53යි ග්‍රෑම් 300ක් සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් තිබූ එම කේරළ ගංජා තොගය මෙරට තුළ බෙදා හැරීම සඳහා එලෙස සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.