Published
ඉන්දියාවේ දිල්ලි නුවර සිදු වූ බෝම්බ ප්‍රහාරයට කාශ්මීරයේ සම්බන්ධයක් ඇත් දැයි ඉන්දීය පරිපලනයේ ඇති කාශ්මීර පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, දිල්ලියට ආසන්න ප්‍රදේශයකදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2,900ක් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරට වෛද්‍යරුන් දෙදෙනෙකුද ඇතුළත්.
සැකකරුවන් සමග බෝම්බ සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ කිහිපයක්ද සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව දිල්ලියේ සිදුවූ බෝම්බ පිපිරීම, බෝම්බ ප්‍රහාරක මාලාවක කොටසක්දැයි ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරනවා.
ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව අසල සිදුවූ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.




