වැල්ලවාය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු ඉඩම් අක්කර ගණනක් ජලයෙන් යට වී තිබෙනවා.

කුඹුරු ඉඩම් අක්කර පනහකට අධික ප්‍රමාණයක් මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් එම ඉඩම් ජලය රැදී පවතින අතර එම නිසා ගොයම් වගාවන් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.