කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනුරාධපුරය දෙස සිට කුරුණෑගල දෙසට ධාවන වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.