Published
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කටුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ පවුල් කිහිපයක ජනතාව වසර 50ක පමණ සිට පත්ව සිටින පිඩාවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා. තම ගම්මානයට අන්ත දෙකකින් විදුලිබල සැපයුම ලබා දී ඇතත් ඒ අන්ත දෙකට මැදිව හුදකලා වූ නිවාස ගණනාවකට තවම විදුලිබලය නොමැති විම නිසා ඔවුන් පිඩාවට පත්ව ඇති ආකාරය ඔවුන් නෙත්සැරයට මෙලෙස විස්තර කළා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.