කුරුණෑගල මහනගර සභාව විසින් සංවිධාන කරනු ලබන පුරවර ජංගම සේවය අද දවස පුරා කුරුණෑගල නගර සභාවේදී පැවැත්වෙනවා.

කුරුණෑගල නාගරික මන්ත්‍රී ඩේමියන් වීරකෝන් මහතා සඳහන් කළේ උප්පැන්න, විවාහා, මරණ සහතික ඇතුළු ක්ෂේත්‍ර 11කට අදාළ සේවාවන් මෙහිදී ලබාගත හැකි බවයි.

පුරවර ජංගම සේවය කුරුණෑගල කොට්ඨාස 13ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.