Published
කුරුණෑගල, විල්බාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ඉදිකිරීම් කටයුතු සිදු කරන කම්කරුවන් නවාතැන්ගෙන සිටි තාවකාලික වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ එම වාඩියේ නවාතැන්ගෙන සිටි සේවකයෙකු එලෙස ගින්නට හසුවී පිළිස්සීමෙන් මියගොස් ඇති බවයි. මියගිය පුද්ගලයා 36 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.