Published
කුරුවිට, දෙවිපහළ, දොඩන්ඇල්ල මාර්ගයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් කාන්තාවකගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර ගෙළ පැලඳි රන් මාලය සොරාගෙන පලාගොස් තිබෙනවා.
කැපුම් තුවාල සහිතව ඇද වැටී සිටි එම කාන්තාව රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුවිට පොලීය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.