Published
කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් පාසල් වෑන් රථයේ ගමන් ගත් සිසුවියන් දෙදෙනෙකු හා වෑන් රථයේ රියදුරු මිය ගියා. අනතුරින් තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය සහ කුරුණෑගල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.