මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ දුම්මලසූරිය, පල්ලේවෙල ප්‍ර‍දේශයේදී පාසල් වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිය ගිය අනෙක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු බවයි.

අද පෙරවරුවේ එම අනතුර සිදුව තිබුණා.

එලෙස අනතුරට පත්ව තිබුණේ කුලියාපිටිය නගරයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් පිරිසක් රැගත් වෑන් රථයක්.

ඉදිරියෙන් පැමිණ ඇති ටිපර් රථයක, වෑන් රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසුවා.

ටිපර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරුට හේතුව බවට විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කළේ.