ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස් හට එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී නොටින්හැම්ෂයර් වෙනුවෙන් කෙටි කාලයක් ක්‍රීඩා කිරීමට ආරාධනා කර ඇති බව වාර්තා පළ වනවා.
ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව ඉන්දීය කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂාන් වෙනුවට ආදේශකයක් ලෙස ඔවුන් කුසල් මෙන්ඩිස්ව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූ අතර, ශ්‍රී ලංකා පිතිකරුවෙක්ට මෙවන් ආරාධනාවක් ලැබී ඇත්තේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයක්.
කුසල් මෙන්ඩිස්ට මෙම අවස්ථාව ලබා ගැනීමට හැකි වුවහොත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළ ශ්‍රී ලාංකීය පිතිකරුවන් අතලොස්ස අතරට මෙන්ඩිස් ද එක් වෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.