Published
පාරිභොගික සේවා අධිකාරියේ පුරප්පාඩුව පවතින විමර්ශන නිලධාරි තනතුර සඳහා ඉදිරියේදී 200කට ආසන්න පිරිසක් බඳවා ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ අනුව වෙළඳපොළ තුළ සිදු කරන විමර්ශන තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.
එහිදී විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුව ගත් පියවර සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.




